මෙහිද සාමන්‍ය කැමරාවක මෙන්ම කාචයක් සහිත එකකි.මෙහි විශේෂත්වය වන්නේ දිවාකල මෙන්ම රාත්‍රී කාලයේදී ද හොඳින් දර්ශන ලබා ගැනීමට ඇති හැකියාව යි.ලොව පළමුවරට CCTV කැමරාවක් නිෂ්පාදනය කලේ 1942 තරම් ඈත අවදියකදීය.එතන් සිට මේදක්වා මෙම කැමරාව අතිශයින් දියුණු වූ බව කිවයුතුය.මෙම කැමරා IP CAMERA ලෙසද හදුන්වනු ලැබේ.
CCTV CAMERA වර්ග.
වර්ග දෙකකි.එනම්
1. ප්‍රතිසම කැමරා (Analog camera)
2. සංක්‍යන්ක කැමරා(Digital camera)
ප්‍රතිසම කැමරා (Analog camera)
මෙම කැමරා මුලින්ම නිෂ්පාදනය වූ ඒවාය.ඒවායේ පවතින දත්ත තැන්පත් කිරීමේ ක්‍රමය චුම්භක තැටියක් මගින් සිදුකරයි.දිනපතා තැටි මාරුකරමින් අලුත් තැටි යෙදිය යුතුය.එමෙන්ම එක කැමරාවකට එක මොනිටරය බැගින් ස්ථාපන කලයුතු වීමද අවාසියකි.මෙම දත්ත තැන්පත් කිරීමට අන්තර්ජාලය භාවිතා කිරීමද කල නොහැකිය.මෙහෙදී දත්ත තැන්පත් කිරීමේ මහත් ගැටලුවක් ඇති බව ඔබට පෙනෙනු ඇත.එසේ තැන්පත් කල දත්ත කල්යත්ම දුර්වල වී යාමද බරපතල ගැටලුවකි.
සංක්‍යන්ක කැමරා(Digital camera)
මෙහිදී භාවිතා වන්නේ ඩිජිටල් කැමරාය.කැමරා කිහිපයක් වුවද එක මොනිටරයකින් ක්‍රියාත්මක කල හැකි අතර.ලබාගන්නා රූප රාමු බෙහෙවින් පැහැදිලි ඒවා වේ.එම දත්ත දෘඩ තැටියක නැතිනම් අන්තර්ජාල දෘඩ තැටියක තැන්පත් කල හැක.ඒ "ක්ලවුඩ් කොම්පියුටිං"ක්‍රමයටය.එම දත්ත ලොව ඕනෑම තැනක සිට නැරබිය හැකි අතර රැහැන් රහිතව ක්‍රියාත්මක කල හැක.මෙම කැමරා වලින් ලැබෙන රූප රාමු තම අත ඇති ජංගම දුරකතනයෙන්ද නැරබිය හැකි තරමට අද තාක්ෂනය දියුණුය.ඩිජිටල් කැමරා වලින් ලැබෙන දත්ත වල විශේෂිත ආරක්ෂාවක් ඇත.ඒවා වෙනත් තැනක ගබඩා වීමට සලස්වා ඒවා සොරකම් කිරීමට ඇති අවස්තාව මගහැරලීමට හැකි වීම බලවත් වාසියකි.
සංක්‍යන්ක කැමරා(Digital camera)ද වර්ග දෙකක් ඇත.

2.බුලට් කැමරා.Bullet camera)
අධෝරක්ත කැමරා.(Ultra violet)
ඔබ යම් තැනක සවිකර ඇති මෙවැනි කැමරා දැක ඇත.ඒවායේ කැමරාව වටා LED සමුහයක් ඇති බව පෙනෙනු ඇත.මේවායින් රාත්‍රී කාලයේදී අධෝරක්ත කිරණ නිකුත් කරයි.එම කිරණ යම් වස්තුවක ගැටී නැවත කැමරාව වෙත පැමිණේ.එය පැමිණෙන්නේ කාචයක් හරහා බැවින් කැමරාවේ සටහන් වන්නේ වීඩියෝ දර්ශනයක් ලෙසිනි.එය මතක ගබඩාවක තැන්පත් කර ගනී.මෙවැනි කැමරාවකට දිවා රාත්‍රී දෙකම එකසේ රූප ගත කල හැක.එනම් මේවාට "නයිට් විෂන් "හැකියාවක් ඇත.
බුලට් කැමරා.(Bullet camera)

ලංකාවේ දක්ෂිණ අධිවේගයේද CCTV කැමරා සවිකර ඇත.ඔබ ගමන අතරතුර වරදක් කලවිට ගමනාත්යේදී දඩ කොලයක් අතට ලැබෙන්නේ ඔබේ රථයේ අංකය ඉතා නිවැරදිව මෙම කැමරා ග්‍රහණය කර ගන්නා නිසාය.
CCTV කැමරා සම්බන්ද නීතිය.
ඔබට නොදන්වා ඔබේ චායාරූප ගැනීම හෝ දර්ශන පටිගත කිරීමට කිසිවකුට කල නොහැක.එනිසා CCTV කැමරා සවිකර ඇති තැන්වල "දුරස්ථ කැමරා මගින් නිරීක්ෂණය කෙරේ"යන්න සඳහන් නාම පුවරු ඔබ දැක ඇත.ඒ පුද්ගලික දර්ශන පටිගත වීමෙන් නීතිය ඉදිරියේ වරදක් නොවීමටය
No comments:
Post a Comment