Thursday, January 31, 2019

CCTV camera course Srilanka




CCTV CAMERA සවිකිරිම කැමරා පද්දති නිසියාකාරව ස්ථාන ගත කිරීම




CCTV කැමරා පද්ධති 3

මේ Bullet සහ  Dome camera දෙවර්ගයම කාර්ය අතින් ගොඩක් සමානයි. මේ දෙවර්ගය ඔබ යෙදිමට බලාපොරොත්තු වන කාර්ය අනුව ගැලපීමෙන් අනතුරැවයි ඔබ යමකට යොමු වෙනවා නම් යොමු විය යුත්තේ. මේ Bullet Camera එලියට නෙරා තිබෙන ආකාරයක් දැකිය හැකියි. මම ගිය වතාවෙ ලිපියකත් ඒ ගැන සදහන් කලා. හරියට තුවක්කුවක එලියට නෙරා තිබෙන barrel එකක් (barrel of a gun) වගේ. මේ  dome camera එකක් තියෙන්නේ circular “dome” shape එකක්මයි. ඒ වටකුරැ ගෝලාකාර ස්වභාවයකුයි. මේ වර්ග දෙකේම  surveillance cameras ගොඩක් ජනප්‍රිය නිසා මම හිතන්නේ ඔය ගොල්ලෝ දැකල  ඇති. ඉතින් මේ වර්ගවල මහ ලොකු අමාරැ සහ තද rules නැහැ භාවිතා කිරිමේදී. තමන්ට ඒ මිලදී ගන්න ස්ථානයෙන්ම මේ සම්බන්ධයෙන් විමසා මතක තබාගෙන හෝ  guidelines එක නැත්නම් manual එක හරහා installation ක්‍රියාවලිය කර ගන්න පුලුවන්. ඒත් සමහර පක්ෂ හා ප්‍රතිපක්ෂ අදහස් තියෙනවා මේවා දෙවර්ගයම එක වගේ වුනාට භාවිතයන් තුලදි පැන නැගෙන. එනම් සමහර applicationsතුල මේවා ක්‍රියාත්මක කිරීමෙහි ගැටලු පවතිනවා. අපි හිතමු මේ CCTV installers ලා දහයක් විතර ගත්තාම එයින් නවයක් පමණම එකග වෙනවා bullet cameras ගොඩාක්ම හොද කාර්යක්ෂමතාවයක් හා ප්‍රතිඵලදායි වෙන්නෙ OUTDOOR applications සදහා යන්නටත් dome cameras ගොඩක් දුරට හොද වෙන්නේ INDOOR applications සදහාත්ය කියන තර්කයට.  




                       අනික් කාරණා තමයි ඔබ ගොඩක් දුරට පැතුරැමක් එහෙමත් නැත්නම් long-range එකක් ආවරණය කරන්නට camera එකක් භාවිතා කරනවා නම් bullet camera එකකට තමයි යන්න ඕනේ. එනම් දිගු ලෙන්සයක්  දිගු හා පැතිරැණු දුරක් ආවරණය කරනවා. (The longer the lens, the longer the range) . මොකද dome camera වල නැඹුරැව පවතින්නේ ගොඩක් දුරට අඩු විශ්කම්භයකින් යුත් lenses වලටයි. නමුත් එහෙමම කියලත් නෑ. සමහර domes වල අන්තර්ගත කර තිබෙනවා පෘථුල වූ ලෙන්ස විශේෂයන්. උදාහරණයක් වශයෙන් Veilux Cameras Manufacturer  විසින් ගෙනෙන Vandal Dome Camera විශේෂය මෙවන් වු ආකාරයක් ගත්තක් වෙනවා. එය 22X zooming සහිත  1080p පමණ ඉහල විභේදනයක් සහිත වීඩියෝ පටිගත කිරීමේ හැකියාවෙන් යුක්තයි. සාමාන්‍ය Dome Camera  එකක මිලට වඩා මේ විශේෂිත Vandal Dome එකක් දෙතුන් ගුණයකින් පමණවත් මිල වෙනස් වෙනවා. Indoor camera එකක් නම් dome තමයි common එක. ගොඩක් අය ඒකට කැමති ඒ විශේෂය ආගන්තුක නැ ගොඩක් අයට. ඒ වගේම දර්ශණීය වගේම මටසිලුටු පෙනුමක් තියෙනවා අර බැරල් එකක් වගේ එලියට නෙරලා ගිය කැමරාවට වඩා.මොකද ගෙදරක් ඇතුලටනෙ.  අනික මෙහි කැමරා එක ඇතුලට වෙන්නට හැංගිලා පිහිටන නිසා සිවිලිමක වගේ කල ස්ථාපනය පිටට පෙනෙන්නේ ගෙදර හයිකරපු විසිතුරැ බල්බයක් වැනි පෙනුමක්. මේ ගැන අවබෝධයක් ඇති යමෙකුට හැර මෙහි වෙනස හදුනා ගැනීමට එකපාරම හැකියාවක් නෑ. නමුත් Bullet  camera එකක් ඉතා පහසුයි මේ dome  එකක් ස්ථාපනය කරනවට වඩා. මොකද ඒවා බිත්තියකට හෝ කණුවකට සවි කිරීම පමණයි කලයුත්තේ. ඒවා point-and-shoot කැමරා විශේෂයක්. නමුත් Dome එකක් සවි  කරද්දි පියවර ගොඩක් තියෙනවා ඒවා අවශ්‍ය ආනතියට හැරවීම දක්වාම. Bullet  cameras වර්ගය natively weather proof නිසා හා environmental protection වලදී longer range එකක් සහිත ලෙන්සයකින් ආවරණය සහිත නිසා vehicle park එකකට , bank එකකට, Bus stand එකකට හෝ හොරැන්ගෙන් ආරක්ෂා කල යුතු තැන් වගේ විශාල පරාසයක් ආවරණය කරන්න හැකි තැනකට ඉතා යෝග්‍යයි.මොකද මේ වර්ගයේ ලෙන්සයන් හි ඇති පැහැදිලිව පෙනෙන පරාසය මගහැර යන්නට අසීරැයි. ඉතින් මේ Dome Cameras වල General, Infrared, Vandal Proof, IP, Infrared IP, Vandal Proof IP, Vandal Proof Infrared IP යනුවෙන් ආකාර බොහොමයක් තිබෙනවා. ඉතින් මේ කැමරාවල බලවත් infrared LEDs විවිධ ප්‍රමාණවලින් ඇතුවා වගේම අයහපත් ආලෝක තත්වයන් යටතේ වුවත් පැහැදිලි වීඩියෝ තොරතුරක් ලබා දීමට සමත්.

  1. License Plate Capture
  2. Automatic license-plate recognition (ALPR)
  3. Automatic vehicle identification (AVI)
  4. Car plate recognition (CPR)
  5. License-plate recognition (LPR)


    යන කොයි නමෙනුත් හඳුන්වන්නේ වාහන වල බලපත්‍ර තහඩු මගින් ඒවා හඳුනාගැනීමේ කලාවක්. එහෙමත් නැතිනම්  image processing technology එකක්. බොහෝදුරට යොදාගන්නේ access control system එකක් වගේ security and traffic installations වලදියි. උදාහරණයක් ගත්තොත් අපි හිතමු වාහන පාක් එකකට වාහනයක් ඇතුල් කිරමේ සිට බිල් කැඩීම (automatic payment calculations)දක්වා වූ ක්‍රියාවලිය මෙයට ගෙන හැර දැක්විය හැකියි. එහෙමත් නැත්නම් විහාල සමාගමක් ගත්විට ඒ සමාගමේ සේවය කරන නිලධාරින්ගේ වාහන වල  registration numbers පරිගණකයක ගබඩා කොට මෙවැනි කැමරා පද්ධතියක් ඔවුන්ගේ වාහන ඇතුල් කරන ගේට්ටුවේ සවිකොට එම වාහන උදෑසන ඇතුලුවීමේදි ස්වයංක්‍රීයව කියවා   කලින් පරිගණකය තුල ගබඩා කොට තිබූ registration numbers  ගැලපෙනවානම් ස්වයංක්‍රීයව ගේට්ටු විවර වී වාහනය තුලට ගැනීමත් තවත් උදාහරණයක්. 


                   මේ තාක්ෂණයේදී වාහනයක් හඳුනා ගැනීමට යොදාගන්නා එකම එක ක්‍රමය වන්නේ මේ License plate එක identify කරගැනීම පමණයි. මෙහි කැමරා ආකාර කිහිපයක් තිබෙනවා. ඉන් එක් වර්ගයක දී LED බල්බ එක බහාලුමකත් ,  කැමරාව තව එකකත් බහාලමින් යුගලක් ලෙස එලි දැක්වෙනවා. එම ප්‍රභේදයෙහි   LED මෙන්ම Infra-red වැනිම වු illumination විශේෂයක් භාවිතා කරමින් ප්‍රතිදීප්ත බල්බ ලෙස යොදාගන්නවා. අනෙක් වර්ගයේදී  Monochrome camera එකකුත් Color cameraඑකකුත් වශයෙන් දෙකක් භාවිතා කරනවා (Two high quality cameras in one). 
                       තවත් වර්ගයකදී Reflective License Plates පමණක් හඳුනාගත හැකි ආකාරයේ Black & White සහ Colour  කැමරා විශේෂත් දක්නට ලැබෙනවා. ඉතින් අර කීව කලු සුදු හා වර්ණ කැමරා දෙකම එකට තියෙන පද්ධතිය ක්‍රියා කරන ආකාරය අපිට දෙවිදිහකට හදා ගන්න පුලුවන්.  Monochrome camera එකෙන් License plate එක identify කරගැනීමත් අනෙක් Color camera එකෙන් පසුව අවශ්‍ය වුවහොත් යන අරමුණින් එම ඇතුල් වූ වාහන වල වර්ණ වීඩියෝ දර්ශණ හෝ ජායාරෑප ලබා ගැනීමත් යන කාරණා දෙක සිදු කිරීමට පුලුවන්. මෙවැනි කැමරාවක අධෝරක්ත LED බුබුලු 100 කට ආසන්න සංඛ්‍යාවක් අඩංගු වෙන අතර ඒවා රාත්‍රියේ දී වුවත් අඩි 200ක් දුරින්  යන වාහනයක වුවත් පැහැදිලි රෑපාවලියක් ලබාදීමට සමත්.

         ඉතින් මෙවැනි කැමරාවක built-in එන තාක්ෂණයක් තමයි Digital Noise Reduction (DNR) කියල අපි හඳුන්වන්නේ.  මේ තාක්ෂණයේ ප්‍රතිඵලය තමයි low-light situations(අඳුරැ ආලෝකය ඇති විටදී) සහ lowering back-end costs (වියදම් අවම ලෙස ස්ථාපනය කල පද්ධතියක් තුලදී) යම් වෙලාවක අදාල වීඩියෝ රෑප රාමු මඟින් සංඥා විකෘතිතාවයක් ඇති වෙයි නම් එය අඩු කර ගැනීමේ හැකියාව.අපි  Noise (නොයිස්) එකක් ලෙසින් හඳුන්වන්නේ දරැනු ඝෝෂාව වගේ අර්ථයක් දෙන්න. අපි මෙහිදී තාක්ෂනික වශයෙන් අර්ථ විවරණය කරද්දී  "යම් කිසි සංඥාවක් එයට අසමාන වූ වෙනස් සංඛ්‍යාත​ කොටස් ඇති සම්ප්‍රේෂණ මාධ්‍යක් ඔස්සේ ගමන් කරන විට රේඛීය නොවීම හේතුවෙන් සමහර කොටස් එකතුවී මුල් සංඥාවට  අවහිරතා ඇති කරන වෙනත් වෙනත් කොටස් නිපදවිය හැක. මෙය (Inter modulation noise - අන්තර් මූර්ජන ඝෝෂාව ) ලෙසින් හඳුන්වන සංඥා විකෘතිතාව ඇති කරයි". මම දන්න විදිහටයි ඒ පැහැදිලි කිරීම කලේ. වෙන කාට හරි ඔයිට වඩා හොඳ විදිහක අර්ථකථනයක් ඇත්නම් කරැණා කර එය පල කරන්න. ඉතින් අපි මෙලෙස Noise Reduction යනුවෙන් තාක්ෂණිකව ව්‍යවහාර කරන්නේ ඉහත ආකාරයට  සංඥාවකින් අපැහැදිලි විකෘතිතාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය යි. Analog හෝ Digital යන දෙවර්ගයටම අයත් සියළුම වර්ගයේ තාක්ෂනික උපකරණවලට noise ග්‍රහණය​ කිරීමේ හැකියාව පවතින විදිහටයි නිර්මාපකයින් ඒවා නිර්මාණය කර තිබෙන්න්. එකින් එකට වෙනස් වෙනවා. මතකද මම data කේබල වල එන ෆෙරයිඩ් බිඩ් උපාංගය ගැනත් ලිපියක් දැම්මා කලින් වතාවක.ඒකත් මේ හා සමාන ක්‍රමයක් තමයි.
   මේ තියෙන්නේ DNR තාක්ෂණය සහිත හා රහිත කැමරාවක ජායරෑපාවලියේදී ඇති වෙනස. ඉතින් මේ තාක්ෂණයේ උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන් හා අවැසිතාවය පවතින්නේ මම ඉහත කීව ආකාරයක කාර් පාක් එකක් හෝ ඉහල සමාගම් වැනි තැනකට තමයි.


  තව දුරටත් අපි මේ ගැන කතා බහ කරමු ආයෙත් දවසක හමුවෙලා. හැමෝටම සුභ සතියක්.

Thursday, January 10, 2019

ලයිට් කැපුවහම කරුවලේ ඉන්න එකද කරන්නේ

අපිට කරන්ට් කපනවා කියන එක අලුත් දෙයක් නෙවෙයිනේ, එනවා යනවා කියන එක සාමන්‍යය දෙයක් බවට වෙලා, නැතිනම් maintenance වලට දවසම විදුලිය කපන එකද දැන් පුරුදු දෙයක්.  මේකට විසදුමක් නැද්ද ? කෙනෙකුට හිතෙන්න පුලුවන් Solar දැම්මනම් හරි කියලා. නමුත් සෝලර් දාන්නේ නෙට් මීටරින් නම්, කරන්ට් එක කැපුවහම ඒකත් නැති වෙනවා. මේකට හේතුව, solar වලින් උත්පාදනය වෙන විදුලිය Storage වෙන්න තැනක් නැතිඑක.
ලාබෙට කරන්න පුලුවන් දෙයක් මමත් සොයලා බලනකොට (මීට වසරකට පමණ කලින්) පොඩි ගැටලු ටිකක් ආව.
  1. කියක් වියදම් වෙයිද ?
  2. මේකෙන් මුලු ගෙදරම දුවන්න ඕනේ ද ?
  3. කොචර කාලයක් විදුලිය නැතුව ඉන්න පුලුවන්ද ?
පලමු එකට පිලිතුර නම් දෙක හා තුන දැනගෙන ඉන්න ඔනේ.
  • නෑ, ලයිට් 5-6ක්, ෆැන් 2ක් හා refrigerator එක හා ඉන්ටර්නෙට් රවුටර් තුනක්, CCTV, Home Security System
  • පැය 20ක් පමණ.
දැන් බලමු පළමු එකට උත්තර, වැදගත්ම එක…
දැන් බාවිතා කරන උපකරණවල විදුලි පරිබෝජනය බලමු.
  • ලයිට් 6ට, එකක් වොට් 4 බැගින් 24wක්.
  • ෆෑන් දෙකට වොට් 160wක්.
  • ෆ්‍රිජ් එකට, ෆ්‍රිජ් එක ඉන්වර්ටර් නිසා උපර්මට 350wක් උවද, normally 200w පමණ.
  • CCTV, Security System ටිකට 50wපමණ.
  • රවුටර් ටිකට 20w පමණ.
මුලු එකතුව 600w පමණ.  දැන් කාලය පැය 20ක් නිසා (600w x 20h) 12000 wh නැතිනම් 12kwh, (kilowatt-hour) දැන් මේ අනුව මට 12kwh බැරටි පද්දතියක් උවණා වෙනවා. මේ සදහා මම යොදාගන්න හැදුවේ ලාබ කාර් බැටරි (no maintenance මාදිලිය) හැබැයි මතක තියාගන්න කාර් බැටරි නිපදවා තිය්නේ මෙලෙස දිගුකාලය විදුලිය ලබාගන්න නොවන අතම, discharge/charge එක දිගට නොවෙන තැන්වල බාවිතයට. එක දිගට charge/discharge වෙනකොට කාර් බැටරි ඉක්මනට නරක් වෙනවා.  මේ සදහා සුදුසු deep cycle battery වේ.
බැටරි එන්නේ ah (Ampere hours) නමුත් අපි ගණන් හැදුවේ wh (watt hours), ඒක හදන්න ලේසියි, දැන් උඩ ඔකොම ගණන් හදුවට යන වියදමත් ඒකත් පොඩි කතාවක් තියන නිසා. මම මුලින් හිතුවා 12v 65ah බැටරි 6යක් ගන්න. ඒ කියන්නේ (65 * 6 = 390ah) එතකොට 390ah x 12v කියනේ 4680wh නතිනම් 4.68kwh. බැටරි වලට වසර 5ක වගකීමක් එක්ක තමයි ආවේ.  (තවද ම්තක තියාගන්න 4.6kwh ම බාවිතා කරන්න බැරි බව.)
බැටරි ටික ගෙනාවා.  දැන් ඔනේ මේ බැටරිවල විදුලිට අපි ගෙදර බාවිතා කරන 230V AC 50Hz වල්ට හරවන්න, මෙතනදි Inverter එකක් බාවිතා කරන්න වෙනවා, Inverter වර්ග කීපයක් එනවා. ලොකු transformer එන, නැතිනම් SMSP, Pure Sine waves (දැන්ට අපිට ලැබෙන විදුලිය sine waves වේ) නැතිනම් ලාබම SMPS modified sine waves, මම ඉතින් ලාබ මග තෝරාගත්තා.
ගත්තේ PROLiNK IPS2400 2400VA මේක මගේ වැඩේට හොදට ඇති. මගේ උපරිම විදුලි බාවිත වොට් 600ක් පමණ වෙන නිසා 1200w ලැබෙන එකක් ඇති. (උපරිම බාවිත x 2) මොකද ෆැන්, ෆිර්ජ් මුලින් ආරම්බ වෙනකොට එක පාරට විදුලිය ගොඩක් ගන්නා නිසා.  modified sine waves ගොඩක් උපකරණ වලට හොද නෑ 🙂

Inverter එක තෝරාගැනීම.
  • බාවිතය උවම්ණ වොට් ප්‍රමාණය තිබීම.
  • බැටරි ආරෝපකයක් තිබිම. (බාවිතා කරන Ah වලට සහය දිය යුතුයි.)
  • ඉබේ විදුලිය නැණ සිටිවිට බැරටිය මාරු වීම.
  • Overload and short circuit protection තිබිම.

හරි, මීලඟ වැඩ ටිකට විදුලි කාර්මිකයෙකුගේ සහය ගන්න, inverter එකට අදල පරිපත වෙන්කොට ඒ අදාල විදුලි බල්බ, පේනු වට වෙන වෙනම්ට විදුලිය ලබාදෙන්න වෙනවා. ඒ වගේම බැටරි නිවසින් පිට සවිකල යුතු අතරම හොද DC Breaker එකක් සවිකල යුතුයි. බැටරි short උවහොත් ගිනිනැනීම් වගේම පිපිරිමකට ලක් වෙන්න පුලුවන්. සවි කරනකොට ඉතාමත් පරිස්සම් විය යුතුයි.
දැනට මේක සවිකරලා වසරකට වැඩියි, මේ වෙනකන් කිසිම දෙයක් කරලා නෑ, බැටරි වෙලට terminal මරු කිරීම හැරෙන්න, ඒක කරේ වැස්සට මලකෑමට ලක්වෙලා නිසා.  උවමණානම් Solar + Battery + Inverter උවද බැවිතා කරන්න පුලුවන්!


Update:
කීප දෙනෙක් ගිය වියදම අහුවා, බැටරි එකක් රු.12,000 පමණ උණා, ඉන්වර්ටර් එක රු.22,000 අපමණ, අනිත් දේවල් වලට රු.5000 පමණ ගියා.

Alienware's CRAZY upgradeable laptop

Plug and Play Security cameras in Sri Lanka

Digoo DG-M1Z CCTV Camera Review in Sinhala

JIENU IP CAMERA WIFI 720P CCTV WITH OUT WIFI ROUTER UNBOX AND Review Sinhala Srilanka

Saturday, January 5, 2019

CCTV Camera Repair and Installation Training


cctv camera technician course.
අලුත් ව්යාපාරයක් පටන් ගන්න.අලුත් විදිහට උපයන්න.ඔබේ හැකියාවෙන් උපරිම ප්රයෝජන ලබා ගන්න.
• Contact ,0772011040, 0711226562
• 138 s.de.s.jayasinghe Rd, nugegoda

ලංකාවේ පළමුවරට හදුන්වාදෙන CCTV CAMERA පද්දතිය සවිකිරීමේ පාටමාලාව..
දැන් නව තාක්ෂනය සමග ලෝකේ තියෙන සියලුම වර්ගයේ Analog,IP Camera,Wireless Camera,වෙනි සියලුම වර්ගයේ පද්දතියක් ඔබ විසින්ම සවිකරගැනීමට මෙන්න ඔබට අනගි අවස්ථාවක්...
සැම දවසකම නව පන්ති ඇරබේ ..
Brief Course Outline
1) An introduction to CCTV systems
2) CCTV Video signals (H 264, Mpeg 2)
3) Different types of cabling including Coax and Twisted Pair
4) Lens Theory and different types of lenses
5) Pan, Tilt and Zoom (PTZ) Cameras
6) Crimping BNC, CAT5 & keystone connectors
7) Assembling a CCTV system, Troubleshooting using CCTV tester
8) NVR, IP Camera Configuration
9) Practical assembly of a CCTV system
10) Introduction to Networking
11) Network (LAN, WAN, IP)
12) IP Address Configuration
13) DDNS and SMTP configuration
14) Port Forwarding
15) NAT Configuration / Theory
16) Introduction to CCTV Design Tool
17) Setting up the CCTV system on your PC Smartphone or Android Device
Course is conducted by qualified University Lecturer in Electronic Engineering.
Mobile phone repair (advance) = 5500/=
--------------------------------------------------------------------
Medium: English and Sinhala Media (Depending on the student’s request)
Individual attention is guaranteed.
බොරු දැන්වීම් වලට මුලා වෙන්න එපා
Do not get fooled by false advertisements and do not waste your valuable time and money with tuition masters who does not have filed experience
-------------------------------------------------------------------
Real site Industrial Training
Course Fee: [4500/=]

-------------------------------------------------------------------
Institute Awarded by Ministry of Education!
Individual Classes. Arrange your convenient time.
= = = = = = = = = = = = = = = = = = = =
SWOT INSTITUTE
Address: Nugegoda,Next to BOC bank
138 s.de.s.jayasinghe Rd,
Nugegoda

Mobile Phone and PC repairing course Colombo 8 Sri Lanka

  Advance Mobile phone repairing course Sri Lanka පුහුණුවෙන් පසු රැකියාවක් 0772011040, 0711226562 https://www.pickacourse.lk/institut...