Sunday, September 3, 2017

Live Remote View Mobile Application

DVR unboxing review

CCTV camera review

ශ්‍රී ලංකාව තුල පෞද්ගලික සමාගම් ලියාපදිංචි කරන්නේ කොහොමද?

ව්‍යාපාරයක් ආරම්භ කරන්න කැමතිද? කොහොමද කරන්නේ, කොච්චර වියදම් වෙනවද, මොනවගේ අවශ්‍යතාවයන්ද වැදගත්, කොපමණ කාලයක් යයිද, රස්තියාදු වෙන්න වෙයිද? ප්‍රශ්න ගොඩයි නේද? ඉතින් මේ ප්‍රශ්න ඔක්කොම විසඳගන්න ඕනේ නම්, කරදරයක් නැතුව මේ වැඩ ටික නියමාකාරයෙන් කරගැනීමට අවශ්‍යනම් මෙන්න මේ ලිපිය කියවන්න.
ශ්‍රී ලංකාව තුල පෞද්ගලික සමාගම් ලියාපදිංචි කිරීමේ ව්‍යාපාර මාර්ගෝපදේශනය.
ව්‍යාපාරයක් ආරම්භ කිරීම ඔබේ සිහිනයක් විය හැකිය. නමුත් ඒ තුලින් අනපේක්ෂිත පාඩු හා මූල්‍ය අලාභ ඇතිවේ නම්, එය නපුරු සිහිනයක් බවට පත්වනු ඇත. ඔබේ ව්‍යාපාරය සංස්ථාගත කිරීම හරහා පෞද්ගලික වත්කම් සහ වගකීම් ව්‍යාපාරයේ වත්කම් සහ වගකීම්වලින් වෙන් කර දැක්වීම තුලින් ඔබගේ සුරක්ෂිතභාවය තහවුරු වනු ඇත.
ඔබ දැනටමත් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත්නම් හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, එම ව්‍යාපාර නාමය සංස්ථාගත කිරීමෙන් ඔබට බොහෝ දේ කල හැකිය.
ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේනම් එහි නාමය බොහෝ විට ඔබේ නම විය හැකිය. නමුත් වෙනත් ආවේණික නමකින් ඔබ ඔබේ ව්‍යාපාරයේ වෙළෙඳ කටයුතු සිදුකරන්නේ නම් එම නාමය ලියාපදිංචි කිරීමෙන් වෙළෙඳපල තුළ අද්විතීය ස්ථානයක් හා ආරක්ෂාවක් හිමි වේ. අනන්‍ය වූ ව්‍යාපාර නාමයක් ප්‍රධාන අලෙවි උපාය මාර්ගයක් මෙන්ම,
– බලපත්‍ර සහ අවසර ලබාගැනීමට
– දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමග බදු සම්බන්ධයෙන් ලියාපදිංචි වීමට
– බැංකු ගිණුමක් ආරම්භ කිරීම සඳහා හෝ අවශ්‍ය බැංකු කටයුතු සඳහා
ඉතා වැදගත් වනු ඇත.
නෛතික වශයෙන් ව්‍යාපාරය ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය වන බොහොමයක් ව්‍යාපාර සංවිධාන ඇත.කෙසේ වුවත් මෙහිදී අප අවධානය යොමු කරනු ලබන්නේ සීමිත පෞද්ගලික සමාගම් සම්බන්ධව පමණි.
ඔබේ ව්‍යාපාර නාමය සඳහා අනුමැතිය ලබාගැනීම.
ඔබටම අනන්‍ය වූ සමාගම් නාමයක් සෙවීමේදී සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය භාවිතා කළ හැකිය. ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබාදීමට අපි සුදානම්ව සිටිමු. . කෙසේවුවත් ඔබ විසින් තෝරාගනු ලබන සමාගම් නාමය මාස 3 ක් සඳහා වලංගු වනු ඇත.(රු.2000+ වැට් 15%)

සමාගම ලියාපදිංචි කිරීමේ පෝරම් ඉදිරිපත් කිරීම
ව්‍යාපාර නාමය සදහා අනුමැතිය ලබා ගැනීමෙන් පසු, ආකෘති පත්‍ර අංක 1, 18, සහ 19 ඉදිරිපත් කිරීම සිදුකළ යුතුය.මෙම සියලු ආකෘති පත්‍ර මුද්‍රණය කර තිබීම අවශ්‍ය වනු ඇත.අතින් ලියන ලද ආකෘති පත්‍ර ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇත.. (වගන්තිය 475). ඔබේ පහසුව සදහා එම ආකෘති පත්‍ර පහතින් අමුනා ඇත.
ආකෘති පත්‍ර 1 – සමාගම ලියාපදිංචි කිරීම. (රු .4,000 + VAT 15% )
ආකෘති පත්‍ර 18 -අධ්‍යක්ෂකවරුන්ගේ කැමැත්ත පිළිබඳ ප්‍රකාශය. (රු .2000 + VAT 15% .)
ආකෘති පත්‍ර 19 – ලේකම් / ලේකම්වරුන්ගේ කැමැත්ත පිළිබඳ ප්‍රකාශය. (රු .2000 + VAT 15% .)
සංගමයේ ලිපි ඉදිරිපත් කිරීම.(Submitting Article of Association)
සමාගමක් විසින් ලිපි ඉදිරිපත් කිරීම සමාගම් පනතේ A වගුවෙහි සදහන් ආකාරයට හෝ තමන් විසින් සකසාගත් සුදුසු ආකෘතියක් අනුව සිදුකළ යුතුය. එ අනුව පිටපත් දෙකක් ඉදිරිපත් කල යුතුවේ.
(රු. 2000 + VAT 15%)
සංස්ථාගත කිරීම පිළිබඳ ප්‍රසිද්ධියට පත් කිරීම.
සංස්ථාගත කිරීමේ ක්‍රියාවලියෙහි අවසන් අදියර වනුයේ මහජන දැනුම්දීමයි. මෙය සාමාන්‍යයෙන් දේශීය පුවත්පතක කුඩා දැන්විමක් පළ කිරීම තුලින් සිදු කල හැකිය.මෙහිදී සමාගමේ ලියාපදිංචි අංකය, සමාගමේ නම හා ලියාපදිංචි කාර්යාල ලිපිනය ඇතුළත් විය යුතුය. මෙම දැනුම්දීම අවම වශයෙන් ගැසට් පත්‍රයේ හා ව්‍යාපාරික ප්‍රදේශය තුල දිනපතා පළවන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පුවත්පතක පළ කිරීම සිදුකළ යුතුවේ.
(රු.8’500)

Mobile Phone and PC repairing course Colombo 8 Sri Lanka

  Advance Mobile phone repairing course Sri Lanka පුහුණුවෙන් පසු රැකියාවක් 0772011040, 0711226562 https://www.pickacourse.lk/institut...