Monday, July 24, 2017

නෙට්වර්ක් කරන ක්‍රම

  1. රවුටර් එකක් මාර්ගයෙන් කනෙක්ට කිරීම (බහුවල බාවිතා වෙන ක්‍රමය)  
  2. ADSL මොඩම් එක කෙලින්ම DVR එකට සවි කිරීම 
  3. 3G ඩොන්ගලය මාර්ගයෙන් කනෙක්ට් කිරීම.
රවුටර් එකක් මාර්ගයෙන් කනෙක්ට කිරීම (බහුවල බාවිතා වෙන ක්‍රමය)  
RJ45 ගහන්න තියන පොර්ට් එකට තමයි අපි DVR එක ගහන්න ඕනි ඉතින් රවුටර් එක තියන තැන ඉදල DVR එක ගාවට අදින්න කැට්5 කේබල් එකක් ගන්න. (තියන දුර මැනගෙන ගිහින් කොම්පුටර් පාර්ට්ස් තියන කඩේකින් ඉල්ලන්න ඕනිම දුරකට එයාලා කේබල් එක හදලා දෙනවා මතක තියා ගන්න මේ කේබල් එක උපරිම මිටර් 90 ක් විතර තමා දුර අදින්න පුළුවන් ඊට වඩා ගියොත් ඩේටා ඩ්‍රොප් වෙනවා ). දැන් රවුටර් එකට ගහපු කේබල් එක DVR එකේ සවි කරන විදිය පල ලෙහා රුපසටහනින් බලන්න 


ඔන්න ඔය පින්තුරේ NET කියලා ගහලා තියන පොර්ට් එකට තමා කේබල් එක ගහන්න ඕනි
DVR එකට ගහලා තියන මවුස් එක රයිට් කිලික් කරාම DVR එකේ මෙනු එක දිග ඇරෙනවා එකෙන් Main Menu  කියන ඔප්ෂන් එක තෝරන්න එහෙම නැත්නම් DVR තියනවා Menu කියලා බට්න් එකක් එක ඔබන්න එතකොට මේ වගේ ස්කිර්න් එකක් එනවා 



ඕකෙන් ADVANCED බට්න් එක උඩ ක්ලික් කරලා එකෙන් නෙට්වර්ක් කියන එක තෝරන්න එත කොට පල්ලෙහා ස්කිර්න් එක එනවා 


  • ඔතන TCP/IP කියන මෙනු එකේ STATIC කියන එක සෙලෙක්ට් කරන්ඩ 
  • මීඩියා පොර්ට් එක සහ වෙබ් පොර්ට් තියන විදියටම තියන්න පුළුවන් ඔයාලගේ නෙට්වර්ක් එකේ ඒ පොර්ට් දෙක වෙන Device එක කින් යුස්‌ කරන්නේ නැත්නම් 
  • IP එකට දැනට නෙට්වර්ක් එකේ පාවිච්චි කරන් නැති ඇඩ්රස් එකක් දෙන්න.
  • Subnet Mask & Gateway එක නෙට්වර්ක් එකේ පාවිචිචි කරන විදියටම දෙන්න ( මේ නෙට්වර්ක් එකේ තියන කොම්පුටර් එකක command prompt එකේ  ipconfig කියලා ගැහුවාම එන විස්තර ටික )
හරි දැනට මෙතන වැඩ ටික ඉවරයි අපි දාපු පොර්ට් ටිකයි IP එකයි කොහේ හරි ලියාගන්න  දැන් නෙට්වර්ක් එකට ගහලා තියන කොම්පුටර් එකකින් රවුටර් එකට ලොග් වෙන්න,

1 comment:

Mobile Phone and PC repairing course Colombo 8 Sri Lanka

  Advance Mobile phone repairing course Sri Lanka පුහුණුවෙන් පසු රැකියාවක් 0772011040, 0711226562 https://www.pickacourse.lk/institut...